Saturday, June 28, 2014

කොළොම්බියා vs උරුගුවේ

ගෲප් C ලීඩර් වෙච්ච කොළොම්බියාව සහ,
ගෲප් D දෙවෙනි වෙච්ච උරුගුවේ අතර මැච් එක තමයි,
අද දෙවෙනියට තියෙන තරඟේ...
මේ තරඟේ ලොකු තරඟකාරීත්වයක් තියෙයි...
අනිත් තරඟේ වගේම මේකෙත්,
රටවල් දෙකම දකුණු ඇමරිකා කලාපේ රටවල්...
සාපේක්ෂව දක්ෂතා අඩු ගෲප් එකකින් තමයි,
කොලොම්බියාව මේ පාර දෙවෙනි වටේට ආවේ...
නමුත් උරුගුවේ පළවෙනි වටේදී,
ඉතා ප්‍රභල රටවල් දෙකක් එක්ක තරඟ ජයග්‍රහණය කරලයි,
දෙවෙනි වටේට සුදුසුකම් ලැබුවේ...
නමුත් පළවෙනි මැච් එකේදිම,
  ප්‍රභල රටක් නොවුනු කොස්ටරීකාවෙන් කෑව,
3-1 පරාදේ ගැනත් අමතක කරලා බැහැ...
ඒ වගේම පිට්ටනියේදී ඉතාලිකාරයෙක්ව කෑව නිසා,
උරුගුවේ පෙරපෙළ ක්‍රීඩක සුවාරිස්ට මේ තරඟේ තහනම්...
ඒකත් උරුගුවේට ලොකු අවාසියක්...
නමුත් තරඟයක් දිනවන්න පුළුවං ක්‍රීඩකයෝ,
උරුගුවේ ටීම් එකේ ඕනේතරං ඉන්නවා...අපි හිතෙන්නේ අද මැච් එක,
ගෝල් 1-0 හෝ 2-0 ලෙස,
උරුගුවේ ජයග්‍රහනය කරයි කියලයි...

මේ වටේ ඉඳලා මැච් ඩ්‍රෝ වෙන්නෑ...
ගෝල් සම අවස්තාවකින් මැච් එකේ කාලය (මිනි 90) ඉවර උනොත්,
තව විනාඩි 15 බැගින් අවස්තා දෙකක් තියෙනවා...
ඒ මිනිත්තු 30දී ගෝල් පරතරය වෙනස් උනොත්,
වැඩි ගෝල් සංඛ්‍යාවක් ගත්ත කණ්ඩායම දිනනවා...
නමුත් එතනදිත් තීරණයක් නැත්තං,
ඊළඟට පෙනල්ටි ශූට් එකකට යනවා...
එක කණ්ඩායමකට අවස්ථා 5ක් තියෙනවා...
වැඩිම ගාණක් පෙනල්ටි ගහපු කණ්ඩායම,
ජයග්‍රාහකයෝ වෙනවා...

අද ඉඳං මැච් බලද්දි,
ඒ විස්තරෙත් දැනගෙන ඉන්න...

අපි බලමු...
කව්ද තරඟාවලියේ ඉඳිරියට යන්නේ...
කව්ද ගෙදර යන්නේ කියලා...
:-)

1 comment:

  1. මගේ අදහස මීට වෙනස්.. මම හිතන්නේ සුවාරිස් නැතුව මේ වෙලාවේ පට්ට ෆෝම් එකේ ඉන්න කොලොම්බියා වගේ කන්ඩායමක් පරදවන්න ගොඩක් අමාරුයි... උරුගුවේ සුවාරිස් නැතුව කොස්ටරිකා එක්ක ගහපු මැච් එකෙත් 1-3 විදියට කෑව බව අමතක කරන්න හොඳනෑ... කවානිට සුවාරිස් නැති අඩුව පුරවන්න බැරිවෙයි කියන එකයි මගේ අදහස...

    මේ වෙනකල් උරුගුවෙ ඩිෆෙන්ස් එක ලෙසටම තිබ්බා... ඒක කොලොම්බියා එක්කත් ඒ විදියටම තියාගන්න පුලුවන් වේවිද බලමු...

    ReplyDelete