Showing posts with label බොක්සිං. Show all posts
Showing posts with label බොක්සිං. Show all posts
Monday, July 28, 2014
පොදු රාජ්ය මණ්ඩලීය බොක්සිං - මංජු වන්නිආරච්චි | Manju Wanniarachchchi - The Boxer
මංජු වන්නිආරච්චි...
ඔබට ඒ නම මතක ඇති...
ශ්රී ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ඨතම,
බොක්සිං ක්රීඩකයෙක් ඔහු...
2010 වසරේදී පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී,
තමන් තරඟවදින බැන්ටම් බර පංතියේ (කි.ග්රෑ 56),
රන් පදක්කම දිනාගන්නේ මංජු!!!
නමුත් ඒ පදක්කම මංජුට අහිමි වෙන්නේ,
තහනම් උත්තේජක පාවිච්චි කළ බවට,
ජාත්යන්තරය හමුවේ ඔප්පු වෙන නිසයි...
ඒ විතරක් නෙමෙයි, අවුරුදු දෙකක තරඟ තහනමකටත්,
මංජු වන්නිආරච්චි යටත් වෙනවා දඬුවමක් විදියට...
2011දි මංජු බොක්සිං ක්රීඩාවෙන් සමුගන්නේ,
තවදුරටත් බොක්සිං අනාගතයක් තමන්ට නැති නිසයි..
නමුත් අවුරුදු දෙකක තරඟ තහනමෙන් පස්සේ,
නැවතත් 2013දී මංජු ක්රීඩාවට එක්වෙන්නේ,
2014 පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩාතරඟාවලියේදීම,
ගිළිහුණු කිරුළ යළි දිනාගැනීමේ එකම අධිෂ්ඨානයෙන්...
මංජු,
අපි උඹට ආදරේ,
උඹ අපිට පදක්කමක් ගේන නිසා නෙමෙයි...
අපි ආදරේ උඹේ නොසැලෙන ධෛර්යයටයි...
උඹ දින්නත් පැරදුනත්,
උඹ පදක්කමක් ගෙනාවත් නැතත්,
අපේ හිතවල උඹට තියෙන ආදරේ,
නැතිවෙන්නේ නැහැ මචං!!!
අද තියෙන 16දෙනාගේ වටේන් අන්තිම 8ට යන්නත්,
එතනින් අන්තිම 4දෙනාට ගිහිං සෙමිෆයිනල් යන්න්නත්,
සෙමිෆයිනල් එක දිනලා ෆයිනල් ගිහිං,
2010දීම වගේ ආයෙත් රන් පදක්කම අපේ රටට ගේන්න,
ශක්තිය, ධෛර්යය, ප්රඥාව උඹට ලැබේවා...
ගහලම වරෙං!!!
අද අපේ රටේ වෙලාවෙන් හවස 6ට,
මංජු වන්නිආරච්චගේ තරඟේ පැවැත්වෙනවා...
ටීවී එකේ ඒ මැච් එක පෙන්නුවොත්,
මංජු වෙනුවෙන් ඒක බලන්න...
හවස 6.10ට මධුරංග පතිරගේ තරඟවදින මැච් එකත්,
හවස 6.15ට මධුෂාන් ගමගේ තරඟවදින මැච් එකත් තියෙනවා...
අපේ කොල්ලොන්ට ජය පතන්න එක්කහුවෙන්න...
Subscribe to:
Posts (Atom)
