Showing posts with label ග්‍රීසිය. Show all posts
Showing posts with label ග්‍රීසිය. Show all posts

Sunday, June 29, 2014

කොස්ටරීකා VS ග්‍රීසිය - පසු සටහන | Review



2014 වර්ල්ඩ්කප් එකේ අප්සට් ජොකියා,
තවත් පට්ට සිරා ජයග්‍රහණයක් එක්ක,
ඉතිහාසයේ පළවෙනි වතාවට,
ෆුට්බෝල් වර්ල්ඩ් කප් අර්ධ අවසාන පූර්ව වටේට සුදුසුකම් ලැබුවා...

52වෙනි විනාඩියේදී කොස්ටරිකාවේ බ්‍රයන් රුයිස්,
මෙලෝ රහක් නැති ගෝල් එකක් ගහලා තරඟේ වාසිය,
තමන්ගේ පැත්තට බර කර ගත්තත්,
91වෙනි විනාඩියේදී සොක්‍රටීස් ගහපු පට්ට සිරා ගෝල් එක නිසා,
විනාඩි 90ක් විතරක් සෙල්ලං කරලා,
Quarter final යන්න තිබ්බ කොස්ටරීකා බලාපොරොත්තු,
තව පැයකට පස්සට දාගන්න හේතු බූත උනා...
ඒ වගේම 66වෙනි මිනිත්තුවේදී,
කොස්ටරීකා ආරක්ෂකයෙක් වෙච්ච ඔස්කාර්,
දෙපාරක් වැරදි කරලා දඬුවම් ලැබිලා එලියට යන්න වෙච්ච නිසා,
ඉතිරු සම්පූර්ණ කාලයම කොස්ටරීකාව සෙල්ලං කළේ,
ක්‍රීඩකයින් 10 දෙනෙක් ගෙන්...
එහෙම තත්ත්වයක් තියාගෙනත්,
අවසානේදි තරඟේ ජයග්‍රහණය කළා කියන්නේ,
පට්ට  ආශ්චර්යමත් වැඩක්....

අතිරේක මිනිත්තු 30ක වෙලාවේදීත්,
දෙපැත්තම ගෝල් ගහන්න තිබ්බ ආසන්න අවස්තාවල් නූලෙං ගැස්සිලා ගියත්,
කොස්ටරීකා ගෝලි නවාස්ගේ පිස්සු හැදෙන දක්ෂතාවන් නිසාම,
පැනල්ටි ශූට් එක දක්වා තරඟේ අරගෙන යන්න කොස්ටරීකාව වාසනාවන්ත උනා...
ඒ වගේම වැඩ පෙන්නන්න ඕනෙම තැනේදී වැඩ පෙන්නලා,
තමන්ගේ ටීම් එක ජයග්‍රහණය කෙරෙව්වට උපහාරයක් විදියට,
කොස්ටරීකාවේ ගෝලි, නවාස් තරඟයේ වීරයා විදියට නම් කළා...


තරඟේ පුරාම පන්දුවේ පාලනේ වැඩිපුර තිබ්බේ ග්‍රීසිය අතේ...
ඒ වගේම බෝලේ පාස් කරද්දිත් ග්‍රීසිය කොස්ටරීකාවට වඩා ගොඩක් ඉහලින් හිටියා...
ටකල් කරපු ඒවාගෙන් දෙපැත්තම සම දක්ෂතාවලින් හිටියත්,
අනිත් සෑම අංශේකින්ම ග්‍රීසිය කොස්ටරීකාවට වඩා ඉස්සරහින් හිටියා...
නමුත් අන්තිමේ පෙනල්ටි ගහපු වෙලාවේදී,
ග්‍රීසිය පස්සට ඇදලා දාපු කොස්ටරීකාව ඉස්සරහට ඇවිත්,
තමන්ගේ ඉතිහාසේ පළවෙනි වතාවට,
වර්ල්ඩ් කප් එකක අර්ධ අවසාන පූර්ව වටේට තේරුනා...

ලබන සෙනසුරාදා,
එහෙම නැත්තං ජූලි 05 වෙනිදා,
කොස්ටරීකාව සහ නෙදර්ලන්තේ හමුවෙනවා,
අර්ධ අවසන් පූර්ව වටයේ තරඟේදි...

මෙදාපාර වර්ල්ඩ් කප් එක දිනන ලිස්ට් එකේ ඉන්න,
නෙදර්ලන්තේට අවසන් පුර්ව වටේට යන්න පුළුවං වෙයිද...
අප්සට් ජොකියාට වර්ල්ඩ් කප් එක තව දුරටත් අප්සට් කරන්න පුළුවං වෙයිද...
එහෙම නැත්තං කොස්ටරීකාව මෙච්චර දුරක් ආව ඒ සිහින ගමනේ කෙළවර මේතනද...
මේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර එක්ක ලබන සෙනසුරාදාට සෙට් වෙමු... :-)

කොස්ටරීකා VS ග්‍රීසිය | Costa Rica VS Greece


2014 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක,
අප්සටම කරපු ටීම් එක තමයි කොස්ටරීකාව...
ලෝකේ පුරා ඉන්න ෆුට්බෝල් ඔස්තාර්ලාගේ,
කෙස් පැලෙන තර්ක විතර්ක, අනාවැකි, අනුමාන සේරම,
අයියෝ සල්ලි බවට පත්කරලා,
කොස්ටරීකාව ගෲප් D එකේ පළවෙනි උනා...
2014 වර්ල්ඩ් කප් එකේ අප්සට් ජොකියා,
එහෙමත් නැත්තං වර්ල්ඩ් කප් එක,
වෙනස් කරපු ටීම් එක තමයි කොස්ටරීකාව...
කොස්ටරීකා එක්ක පැරදුනේ නැත්තේ එංගලන්තේ විතරයි...
ඒ කොහොම උනත් දැං ඒ සියල්ල,
අතීතයට එක්කහු වෙලා ඉවරයි...
අද දින්නොත් ගොඩ - නැත්තං එගොඩ...


කොස්ටරීකාවට සාපේක්ෂව,
ග්‍රීසිය බොහොම අමාරුවෙන් තමයි,
සෙකන්ඩ් රවුන්ඩ් තෙරුනෙත්...
ඒ වගේම මේ වෙලාවේදී,
කොස්ටරීකාව ඉන්න ෆෝම් එක ගත්තම,
ග්‍රීසියට ඒ එක්ක හැරෙන්නවත් බැහැ...



අද මැච් එක ගත්තොතින්,
මට හිතෙන්නේ කොස්ටරීකාව දිනයි කියලයි...
මොකද කොස්ටරීකාවේ යහපත් කාලය,
තාමත් අවසාන නැහැ කියලයි හිතෙන්නේ...
කොස්ටරීකාව කොහොමත්,
වර්ල්ඩ්කප් එක දිනන්න බලාගෙන ආවේ නෑ...
ඉතිං මේ වර්ල්ඩ් කප් ගමනේදී දිනන හැම මැච් එකක්ම,
කොස්ටරීකා ටීම් එකට වගේම ඒ රටේ මිනිස්සුන්ට,
වඩාත් සන්තෝස වෙන්න පුළුවං අවස්තාවක් වෙනවා...
මමත් බොහොම කැමතියි ඒ වැඩේට...
හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්න රටවල්ම,
හැමදාම දිනන්නේ නැතුව,
අප්සට් ජොකියොත් එහෙං මෙහෙං දිනන්න ගත්තම,
ටූනමන්ට් එකේ කෙමිස්ට්‍රිය ෆුල් අවුල් ගිහිං,
පට්ටම ආතල් තත්ත්වයන් නිර්මාණය වෙනවා...
මේ අපි අත්දකින්නේ එහෙම අවස්තාවක්...

බොහෝ දුරට 2-0 හෝ 2-1 වගේ රිසල්ට් එකකින්,
කොස්ටරීකාව මැච් එක දිනයි...
ඒ වගේම පළවෙනි හාෆ් එකේදි,
කොස්ටරීකාව ගෝල් එකක් ගහන්නත්,
ලොකු ඉඩක් තියෙනවා...

මේ හැමදේම විසඳෙන තරඟේ,
අද අපේ රටේ වෙලාවෙන්,
රෑ 1.00ට පටං ගන්නවා...
රිසල්ට් එකත් එක්කම හෙට උදේ සෙට් වෙමු...