Showing posts with label නෙදර්ලන්තේ. Show all posts
Showing posts with label නෙදර්ලන්තේ. Show all posts
Saturday, July 5, 2014
අප්සට් ජොකියෝද ලන්දේසිකාරයෝද... | Netherlands VS Costa Rica
අප්සට් ජොකියාගේ සිහින ගමනේ අවසානය අදද...
එහෙම නැත්තං ගියපාර ලෝක කුසලාන අනුශූර,
මේ පාර ටූනමන්ට් එකේ වැඩිම ගෝල් ගහපු ටීම් එකේ අවසානේද...
තව පැය කීපයකින් පස්සේ,
මේ දෙකෙන් සිද්ධ වෙන්නේ කෝකද කියලා,
හරියටම ඇස් දෙකෙන්ම දැක බලාගන්න පුළුවනි...
පහුගිය පාර ලෝක ශූර ස්පාඤ්ඤේට ගෝල 5ක්,
ඕස්ට්රේලියාවට ගෝල් 3ක්,
චිලී රටට ගෝල් 2ක්,
මෙක්සිකෝවට ගෝල් 2ක් විදියට,
ලොකුම ගෝල් මල්ල අතිං අරගෙනයි,
නෙදර්ලන්තේ අද තරඟෙට එන්නේ...
ඒ වගේම ගියපාර අනුශූරයෝ වීම වගේම,
FIFA ලෝක කුසලාන කීපයකම අවසාන 4 දෙනාට,
මීට පෙර ඇවිත් තියෙන නිසාම,
නෙදර්ලන්තේට මේ වගේ තරඟ මහ ලොකු නැහැ...
ඒ වගේම අද වෙනකොට,
වැඩිම ෆෝම් එකකින් ඉන්න ටීම් එකත් නෙදර්ලන්තෙයි...
අප්සට් ජොකියා කොහොමද අද තරඟෙට එන්නේ...
හැමෝම බලාපොරොත්තු උනේ,
පළවෙනි වටේදී උරුගුවේවලින්, ඉතාලියෙන් සහ, එංගලන්තෙන්,
බඩ පිරෙන්න කාලා මෙයාලා ගෙදර යයි කියලා..
හැබැයි උරුගුවේට ගෝල් 3ක්,
ඉතාලියට ගෝල් 1ක්,
එංගලන්තේ මැච් එකේ ගෝල් නැතුව,
පලවෙනි වටේ ගෲප් එකේ පළවෙනි වෙලා,
දෙවෙනි වටේදී ග්රීසිය පරාද කළේ පුදුම හිතෙන විදියට...
66වෙනි මිනිත්තුවේ ඉඳං 10 දෙනෙක්ගෙන් සෙල්ලම් කරලා,
පළවෙනි විනාඩි 90 බේරගෙන,
අතිරේක මිනිත්තු 30ත් 1-1 විදියට ගොඩ දාගෙන,
පැනල්ටි ශූට් එකේදී තරඟේ ජයග්රාහීව ඉවර කළා...
මේ හැම තරඟයක්ම,
පොතේ හැටියට කොස්ටරිකාව පරදින්නයි තිබ්බේ...
නමුත් කොස්ටරීකානුවන් පොත අලුතෙන් ලිව්වා...
හැම තරඟයක්ම ඔවුන් ජයග්රහණය කළා...
ෆුට්බෝල් ඉතිහාසය අලුතෙන් ලිව්ව ඔවුන්,
පළවෙනි වතාවට ක්වාටර්ෆයිනල් තරඟේකට ආවා...
අද තරඟේදීත්,
හැමෝම බලාපොරොත්තුවෙන්නේ,
කොස්ටරීකානුවන් අභිබවා ලන්දේසි ජයග්රහණය...
හැමෝම හිතන විදියට ලන්දේසීන් ජය ගනීවිද?
අප්සට් ජොකියෝ අද දවසේදීත්,
ඔවුන් මෙච්චර දවසක් කරපු පුරුදු විදියට,
පොතේ තියෙන හැටියට නාට්ටිය ඉවර වෙන්න දෙන්නේ නැතුව,
තමන්ට ඕනේ විදියට නාට්ටිය අවසාන කරයිද...
පෞද්ගලිකව මගේ මනාපේ කොස්ටරීකානු ජයග්රහණයකට...
ඔවුන් දින්නොත් දිනන්නේ 1-0 ලෙස...
එහෙම නැති උනොත් පැනල්ටි රවුමේදී තමයි...
නමුත් පොතේ හැටියට එහෙම වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි...
තරඟේ අපේ රටේ වෙලාවෙන් රෑ 1.30ට පටං ගන්නවා...
අපි බලමු...
රිසල්ට් එකත් එක්ක හෙට උදේ සෙට් වෙමු...
Sunday, June 29, 2014
නෙදර්ලන්තේ VS මෙක්සිකෝව - පසු සටහන | The Review
බොහෝදෙනා බලාපොරොත්තු වූ විදියටම,
මෙක්සිකෝව අභිබවා නෙදර්ලන්තය ජයගත්තා...
තරඟය පුරාවටම වැඩි වේලවක්,
බෝලේ තමන්ගේ භාරයේ තියාගන්න,
නෙදර්ලන්තේට හැකි වුනා...
88වෙනි විනාඩියේදී සහ 94වන විනාඩියේදී,
ගහපු ගෝල් දෙක නිසා නෙදර්ලන්තේ ජය තහවුරු උනත්,
48වෙනි විනාඩියේ ඉඳලාම නෙදර්ලන්තේ හිටියේ,
සෑහෙන්න පීඩනේකින් කියන එක පැහැදිලිව පෙනුනා...
ඒකට හේතුව උනේ මෙක්සිකෝවෙන් 48වෙනි විනාඩියේදී,
හිතපු නැති විදියට ගෝල් එකක් ගැසීම...
සමස්ත තරඟයේදීම බෝලේ පාස්කරද්දිත් නෙදර්ලන්තේ හැකියාව,
මෙක්සිකෝවට වඩා බොහෝම ඉස්සරහින් තිබ්බේ...
නෙදර්ලන්තේ විනාඩි 96කදී පාස් 461ක් සම්පූර්ණ කරද්දි,
මෙක්සිකෝව සම්පූර්ණ කළේ 311ක් විතරයි...
නමුත් ටකල් කරන එක ගත්තම,
මෙක්සිකෝව නෙදර්ලන්තේට වඩා හොඳින් ඒක කළා...
ඒ වගේම තමන්ගේ පාලනේ තිබ්බ බෝලේ,
88පාරක් නෙදර්ලන්තේ ඩැහැගෙන යද්දි,
ඒ දක්ෂකම මෙක්සිකෝවට කරන්න පුළුවං උනේ 68 සැරයයි...
නමුත් තරඟය පුරාම මෙක්සිකෝ ගෝලි ඔචෝවා ගේ දක්ෂතාවයන්,
පැහැදිලිව පෙනෙන්නට තිබුණා...
අවාසනාවන්ත විදියට දෙපාරක්ම බෝලේ දැළතුලට ගියත්,
අනිවාර්ය ගෝල් 2ක් නවත්තගන්න සහ,
4 පාරක් බෝලේ බ්ලොක් කරන්න ඔචෝවාට පුළුවං උනා...
මෙක්සිකෝවට තවත් ඉඳිරියට යන්න තරම්,
ඔහුගේ ඒ දක්ෂතාවය අද ප්රමාණවත් නොවුනත්,
නමුත් අද දවසේ තරඟේ වීරයා වෙන්න,
ඔචෝවාගේ දක්ෂතාවයන් ප්රමාණවත් උනා...
ඒත් ඉතිං මැච් එක පැරදිලා මෑන් ඔෆ් ද මැච් වෙලා මොකටද...
93වන විනාඩියේදී ලැබිච්ච,
දඬුවම් පාරෙන් උපරිම ප්රයෝජනේ ගත්ත නෙදර්ලන්තේ,
2-1 විදියට තරඟේ ජයග්රාහීව ඉවර කරගත්තේ නැත්තං,
තව බොහොම උණුසුම් මිනිත්තු 30ක් බලාගන්න තිබ්බේ...
ඉතාම සාර්තක විදියට මූලික වටේදී තරඟ වැදුන මෙක්සිකෝව,
අද පරාජයත් එක්කම තරඟාවලියෙන් එළියට යනවා...
මෙක්සිකෝ ජාතිකයන්ට සහ මෙක්සිකෝවට කැමති අයට,
ඒක හිතට අමාරු කාරණයක් උනත්,
ඒක තමයි ලෝක ස්වභාවය...
එක්කෙනෙක් දිනද්දි තව කෙනෙක් පරදින්නම ඕනේ...
අද අවසාන මොහොතේදී මෙක්සිකෝව පැරදුනත්,
මේ වර්ල්ඩ්කප් එකේදී ඔවුන් දක්වපු දක්ෂතාවයන්,
බොහෝකාලයක් යනකං අමතක වෙන එකක් නැහැ...
හැමෝම (මේ ලියන මම පවා) බලාපොරොත්තු වූ විදියම,
නෙදර්ලන්තේ තරඟය ජයග්රහණය කළා...
අර්ධ අවසාන පූර්ව වටේදී,
ආයෙත් නෙදර්ලන්තේ දක්ෂතා එක්ක සෙට් වෙමු...
නෙදර්ලන්තේ VS මෙක්සිකෝ | Nederland vs Mexico
දැනට වර්ල්ඩ්කප් එකේ වැඩිම ගෝල් ගාණක්,
ගහලා තියෙන කණ්ඩායම වෙන නෙදර්ලන්තේ සහ,
පළවෙනි වටේදීම තමන්ගේ දක්ෂතාවයන් නිසාම,
ලෝකයම කතාබහට ලක්වෙච්ච කණ්ඩායම වෙච්චි,
මෙක්සිකෝව අතර තරඟේ අද පැවැත්වෙන්නේ...
අද තරඟේදී නෙදර්ලන්තේ ක්රීඩකයින් වැඩි දක්ෂතා දක්වයි...
ඉතිහාසය පුරාවටම ඔවුන් මෙක්සිකෝවට වඩා ඉඳිරියෙන් හිටියා...
මෙක්සිකෝව ලතින් ඇමරිකානු කළාපයේ රටක් උනත්,
නෙදර්ලන්තයේ දක්ෂතාවය අභිබවන්න ලේසි වෙන එකක් නැහැ...
අද තරඟේ වෙනසක් කළ හැකි ක්රීඩකයා වන්නේ,
මෙක්සිකෝවේ දැල් රකින්නා ගලිර්මෝ ඔචෝවා...
ඔහු දැනට ගහපු මැච් 3දීම එක ගෝල් එකක් පමණයි ලබාදුන්නේ...
ඒ වගේම බ්රසීලේ එක්ක තිබ්බ තරඟේදී,
අනිවාර්ය ගෝල් විශාල ගාණක් ඔහු නවත්තපු හැටි,
එදා මැච් එක බලපු හැමෝටම මතක ඇති...
ඒ මැච් එකේ හයිලයිට්ස් තියෙනවා මෙතන...
ඒ වගේම ඔචෝවාගේ සේව් රේට් එක 88.9%...
මෙක්සිකෝවට බ්රසීලේ එක්ක දක්වපු දක්ෂතාවයන්,
අදත් දක්වන්න පුළුවං උනොත්,
අද මැච් එක නියම මැච් එකක් වෙයි...
මට හිතෙන්නේ,
අද මැච් එක ගෝල් සම තත්ත්වෙන් ඉවර වෙලා,
පෙනල්ටි ශූට් එකකින් විසඳේවි කියලයි...
බොහෝවිට 0-0 හෝ 1-1 වෙයි...
නෙදර්ලන්තේ තරඟය ජයග්රහනය කරයි...
අපි බලමු... :-)
Subscribe to:
Posts (Atom)


