Showing posts with label මෙක්සිකෝව. Show all posts
Showing posts with label මෙක්සිකෝව. Show all posts

Sunday, June 29, 2014

නෙදර්ලන්තේ VS මෙක්සිකෝව - පසු සටහන | The Review


බොහෝදෙනා බලාපොරොත්තු වූ විදියටම,
මෙක්සිකෝව අභිබවා නෙදර්ලන්තය ජයගත්තා...
තරඟය පුරාවටම වැඩි වේලවක්,
බෝලේ තමන්ගේ භාරයේ තියාගන්න,
නෙදර්ලන්තේට හැකි වුනා...
88වෙනි විනාඩියේදී සහ 94වන විනාඩියේදී,
ගහපු ගෝල් දෙක නිසා නෙදර්ලන්තේ ජය තහවුරු උනත්,
48වෙනි විනාඩියේ ඉඳලාම නෙදර්ලන්තේ හිටියේ,
සෑහෙන්න පීඩනේකින් කියන එක පැහැදිලිව පෙනුනා...
ඒකට හේතුව උනේ මෙක්සිකෝවෙන් 48වෙනි විනාඩියේදී,
හිතපු නැති විදියට ගෝල් එකක් ගැසීම...

සමස්ත තරඟයේදීම බෝලේ පාස්කරද්දිත් නෙදර්ලන්තේ හැකියාව,
මෙක්සිකෝවට වඩා බොහෝම ඉස්සරහින් තිබ්බේ...
නෙදර්ලන්තේ විනාඩි 96කදී පාස් 461ක් සම්පූර්ණ කරද්දි,
මෙක්සිකෝව සම්පූර්ණ කළේ 311ක් විතරයි...
නමුත් ටකල් කරන එක ගත්තම,
මෙක්සිකෝව නෙදර්ලන්තේට වඩා හොඳින් ඒක කළා...
ඒ වගේම තමන්ගේ පාලනේ තිබ්බ බෝලේ,
88පාරක් නෙදර්ලන්තේ ඩැහැගෙන යද්දි,
ඒ දක්ෂකම මෙක්සිකෝවට කරන්න පුළුවං උනේ 68 සැරයයි...

නමුත් තරඟය පුරාම මෙක්සිකෝ ගෝලි ඔචෝවා ගේ දක්ෂතාවයන්,
පැහැදිලිව පෙනෙන්නට තිබුණා...
අවාසනාවන්ත විදියට දෙපාරක්ම බෝලේ දැළතුලට ගියත්,
අනිවාර්ය ගෝල් 2ක් නවත්තගන්න සහ,
4 පාරක් බෝලේ බ්ලොක් කරන්න ඔචෝවාට පුළුවං උනා...
මෙක්සිකෝවට තවත් ඉඳිරියට යන්න තරම්,
ඔහුගේ ඒ දක්ෂතාවය අද ප්‍රමාණවත් නොවුනත්,
නමුත් අද දවසේ තරඟේ වීරයා වෙන්න,
ඔචෝවාගේ දක්ෂතාවයන් ප්‍රමාණවත් උනා...
ඒත් ඉතිං මැච් එක පැරදිලා මෑන් ඔෆ් ද මැච් වෙලා මොකටද...

 

93වන විනාඩියේදී ලැබිච්ච,
දඬුවම් පාරෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත නෙදර්ලන්තේ,
2-1 විදියට තරඟේ ජයග්‍රාහීව ඉවර කරගත්තේ නැත්තං,
තව බොහොම උණුසුම් මිනිත්තු 30ක් බලාගන්න තිබ්බේ...

ඉතාම සාර්තක විදියට මූලික වටේදී තරඟ වැදුන මෙක්සිකෝව,
අද පරාජයත් එක්කම තරඟාවලියෙන් එළියට යනවා...
මෙක්සිකෝ ජාතිකයන්ට සහ මෙක්සිකෝවට කැමති අයට,
ඒක හිතට අමාරු කාරණයක් උනත්,
ඒක තමයි ලෝක ස්වභාවය...
එක්කෙනෙක් දිනද්දි තව කෙනෙක් පරදින්නම ඕනේ...
අද අවසාන මොහොතේදී මෙක්සිකෝව පැරදුනත්,
මේ වර්ල්ඩ්කප් එකේදී ඔවුන් දක්වපු දක්ෂතාවයන්,
බොහෝකාලයක් යනකං අමතක වෙන එකක් නැහැ...

හැමෝම (මේ ලියන මම පවා) බලාපොරොත්තු වූ විදියම,
නෙදර්ලන්තේ තරඟය ජයග්‍රහණය කළා...
අර්ධ අවසාන පූර්ව වටේදී,
ආයෙත් නෙදර්ලන්තේ දක්ෂතා එක්ක සෙට් වෙමු...

නෙදර්ලන්තේ VS මෙක්සිකෝ | Nederland vs Mexico

 
දැනට වර්ල්ඩ්කප් එකේ වැඩිම ගෝල් ගාණක්,
ගහලා තියෙන කණ්ඩායම වෙන නෙදර්ලන්තේ සහ,
පළවෙනි වටේදීම තමන්ගේ දක්ෂතාවයන් නිසාම,
ලෝකයම කතාබහට ලක්වෙච්ච කණ්ඩායම වෙච්චි,
මෙක්සිකෝව අතර තරඟේ අද පැවැත්වෙන්නේ...
අද තරඟේදී නෙදර්ලන්තේ ක්‍රීඩකයින් වැඩි දක්ෂතා දක්වයි...
ඉතිහාසය පුරාවටම ඔවුන් මෙක්සිකෝවට වඩා ඉඳිරියෙන් හිටියා...
මෙක්සිකෝව ලතින් ඇමරිකානු කළාපයේ රටක් උනත්,
නෙදර්ලන්තයේ දක්ෂතාවය අභිබවන්න ලේසි වෙන එකක් නැහැ...
අද තරඟේ වෙනසක් කළ හැකි ක්‍රීඩකයා වන්නේ,
මෙක්සිකෝවේ දැල් රකින්නා ගලිර්මෝ ඔචෝවා...
ඔහු දැනට ගහපු මැච් 3දීම එක ගෝල් එකක් පමණයි ලබාදුන්නේ...
ඒ වගේම බ්‍රසීලේ එක්ක තිබ්බ තරඟේදී,
අනිවාර්ය ගෝල් විශාල ගාණක් ඔහු නවත්තපු හැටි,
එදා මැච් එක බලපු හැමෝටම මතක ඇති...
ඒ මැච් එකේ හයිලයිට්ස් තියෙනවා මෙතන...
ඒ වගේම ඔචෝවාගේ සේව් රේට් එක 88.9%...
මෙක්සිකෝවට බ්‍රසීලේ එක්ක දක්වපු දක්ෂතාවයන්,
අදත් දක්වන්න පුළුවං උනොත්,
අද මැච් එක නියම මැච් එකක් වෙයි...

මට හිතෙන්නේ,
අද මැච් එක ගෝල් සම තත්ත්වෙන් ඉවර වෙලා,
පෙනල්ටි ශූට් එකකින් විසඳේවි කියලයි...
බොහෝවිට 0-0 හෝ 1-1 වෙයි...
නෙදර්ලන්තේ තරඟය ජයග්‍රහනය කරයි...


අපි බලමු... :-)