Sunday, June 29, 2014

නෙදර්ලන්තේ VS මෙක්සිකෝව - පසු සටහන | The Review


බොහෝදෙනා බලාපොරොත්තු වූ විදියටම,
මෙක්සිකෝව අභිබවා නෙදර්ලන්තය ජයගත්තා...
තරඟය පුරාවටම වැඩි වේලවක්,
බෝලේ තමන්ගේ භාරයේ තියාගන්න,
නෙදර්ලන්තේට හැකි වුනා...
88වෙනි විනාඩියේදී සහ 94වන විනාඩියේදී,
ගහපු ගෝල් දෙක නිසා නෙදර්ලන්තේ ජය තහවුරු උනත්,
48වෙනි විනාඩියේ ඉඳලාම නෙදර්ලන්තේ හිටියේ,
සෑහෙන්න පීඩනේකින් කියන එක පැහැදිලිව පෙනුනා...
ඒකට හේතුව උනේ මෙක්සිකෝවෙන් 48වෙනි විනාඩියේදී,
හිතපු නැති විදියට ගෝල් එකක් ගැසීම...

සමස්ත තරඟයේදීම බෝලේ පාස්කරද්දිත් නෙදර්ලන්තේ හැකියාව,
මෙක්සිකෝවට වඩා බොහෝම ඉස්සරහින් තිබ්බේ...
නෙදර්ලන්තේ විනාඩි 96කදී පාස් 461ක් සම්පූර්ණ කරද්දි,
මෙක්සිකෝව සම්පූර්ණ කළේ 311ක් විතරයි...
නමුත් ටකල් කරන එක ගත්තම,
මෙක්සිකෝව නෙදර්ලන්තේට වඩා හොඳින් ඒක කළා...
ඒ වගේම තමන්ගේ පාලනේ තිබ්බ බෝලේ,
88පාරක් නෙදර්ලන්තේ ඩැහැගෙන යද්දි,
ඒ දක්ෂකම මෙක්සිකෝවට කරන්න පුළුවං උනේ 68 සැරයයි...

නමුත් තරඟය පුරාම මෙක්සිකෝ ගෝලි ඔචෝවා ගේ දක්ෂතාවයන්,
පැහැදිලිව පෙනෙන්නට තිබුණා...
අවාසනාවන්ත විදියට දෙපාරක්ම බෝලේ දැළතුලට ගියත්,
අනිවාර්ය ගෝල් 2ක් නවත්තගන්න සහ,
4 පාරක් බෝලේ බ්ලොක් කරන්න ඔචෝවාට පුළුවං උනා...
මෙක්සිකෝවට තවත් ඉඳිරියට යන්න තරම්,
ඔහුගේ ඒ දක්ෂතාවය අද ප්‍රමාණවත් නොවුනත්,
නමුත් අද දවසේ තරඟේ වීරයා වෙන්න,
ඔචෝවාගේ දක්ෂතාවයන් ප්‍රමාණවත් උනා...
ඒත් ඉතිං මැච් එක පැරදිලා මෑන් ඔෆ් ද මැච් වෙලා මොකටද...

 

93වන විනාඩියේදී ලැබිච්ච,
දඬුවම් පාරෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත නෙදර්ලන්තේ,
2-1 විදියට තරඟේ ජයග්‍රාහීව ඉවර කරගත්තේ නැත්තං,
තව බොහොම උණුසුම් මිනිත්තු 30ක් බලාගන්න තිබ්බේ...

ඉතාම සාර්තක විදියට මූලික වටේදී තරඟ වැදුන මෙක්සිකෝව,
අද පරාජයත් එක්කම තරඟාවලියෙන් එළියට යනවා...
මෙක්සිකෝ ජාතිකයන්ට සහ මෙක්සිකෝවට කැමති අයට,
ඒක හිතට අමාරු කාරණයක් උනත්,
ඒක තමයි ලෝක ස්වභාවය...
එක්කෙනෙක් දිනද්දි තව කෙනෙක් පරදින්නම ඕනේ...
අද අවසාන මොහොතේදී මෙක්සිකෝව පැරදුනත්,
මේ වර්ල්ඩ්කප් එකේදී ඔවුන් දක්වපු දක්ෂතාවයන්,
බොහෝකාලයක් යනකං අමතක වෙන එකක් නැහැ...

හැමෝම (මේ ලියන මම පවා) බලාපොරොත්තු වූ විදියම,
නෙදර්ලන්තේ තරඟය ජයග්‍රහණය කළා...
අර්ධ අවසාන පූර්ව වටේදී,
ආයෙත් නෙදර්ලන්තේ දක්ෂතා එක්ක සෙට් වෙමු...

කොස්ටරීකා VS ග්‍රීසිය | Costa Rica VS Greece


2014 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක,
අප්සටම කරපු ටීම් එක තමයි කොස්ටරීකාව...
ලෝකේ පුරා ඉන්න ෆුට්බෝල් ඔස්තාර්ලාගේ,
කෙස් පැලෙන තර්ක විතර්ක, අනාවැකි, අනුමාන සේරම,
අයියෝ සල්ලි බවට පත්කරලා,
කොස්ටරීකාව ගෲප් D එකේ පළවෙනි උනා...
2014 වර්ල්ඩ් කප් එකේ අප්සට් ජොකියා,
එහෙමත් නැත්තං වර්ල්ඩ් කප් එක,
වෙනස් කරපු ටීම් එක තමයි කොස්ටරීකාව...
කොස්ටරීකා එක්ක පැරදුනේ නැත්තේ එංගලන්තේ විතරයි...
ඒ කොහොම උනත් දැං ඒ සියල්ල,
අතීතයට එක්කහු වෙලා ඉවරයි...
අද දින්නොත් ගොඩ - නැත්තං එගොඩ...


කොස්ටරීකාවට සාපේක්ෂව,
ග්‍රීසිය බොහොම අමාරුවෙන් තමයි,
සෙකන්ඩ් රවුන්ඩ් තෙරුනෙත්...
ඒ වගේම මේ වෙලාවේදී,
කොස්ටරීකාව ඉන්න ෆෝම් එක ගත්තම,
ග්‍රීසියට ඒ එක්ක හැරෙන්නවත් බැහැ...



අද මැච් එක ගත්තොතින්,
මට හිතෙන්නේ කොස්ටරීකාව දිනයි කියලයි...
මොකද කොස්ටරීකාවේ යහපත් කාලය,
තාමත් අවසාන නැහැ කියලයි හිතෙන්නේ...
කොස්ටරීකාව කොහොමත්,
වර්ල්ඩ්කප් එක දිනන්න බලාගෙන ආවේ නෑ...
ඉතිං මේ වර්ල්ඩ් කප් ගමනේදී දිනන හැම මැච් එකක්ම,
කොස්ටරීකා ටීම් එකට වගේම ඒ රටේ මිනිස්සුන්ට,
වඩාත් සන්තෝස වෙන්න පුළුවං අවස්තාවක් වෙනවා...
මමත් බොහොම කැමතියි ඒ වැඩේට...
හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්න රටවල්ම,
හැමදාම දිනන්නේ නැතුව,
අප්සට් ජොකියොත් එහෙං මෙහෙං දිනන්න ගත්තම,
ටූනමන්ට් එකේ කෙමිස්ට්‍රිය ෆුල් අවුල් ගිහිං,
පට්ටම ආතල් තත්ත්වයන් නිර්මාණය වෙනවා...
මේ අපි අත්දකින්නේ එහෙම අවස්තාවක්...

බොහෝ දුරට 2-0 හෝ 2-1 වගේ රිසල්ට් එකකින්,
කොස්ටරීකාව මැච් එක දිනයි...
ඒ වගේම පළවෙනි හාෆ් එකේදි,
කොස්ටරීකාව ගෝල් එකක් ගහන්නත්,
ලොකු ඉඩක් තියෙනවා...

මේ හැමදේම විසඳෙන තරඟේ,
අද අපේ රටේ වෙලාවෙන්,
රෑ 1.00ට පටං ගන්නවා...
රිසල්ට් එකත් එක්කම හෙට උදේ සෙට් වෙමු...

නෙදර්ලන්තේ VS මෙක්සිකෝ | Nederland vs Mexico

 
දැනට වර්ල්ඩ්කප් එකේ වැඩිම ගෝල් ගාණක්,
ගහලා තියෙන කණ්ඩායම වෙන නෙදර්ලන්තේ සහ,
පළවෙනි වටේදීම තමන්ගේ දක්ෂතාවයන් නිසාම,
ලෝකයම කතාබහට ලක්වෙච්ච කණ්ඩායම වෙච්චි,
මෙක්සිකෝව අතර තරඟේ අද පැවැත්වෙන්නේ...
අද තරඟේදී නෙදර්ලන්තේ ක්‍රීඩකයින් වැඩි දක්ෂතා දක්වයි...
ඉතිහාසය පුරාවටම ඔවුන් මෙක්සිකෝවට වඩා ඉඳිරියෙන් හිටියා...
මෙක්සිකෝව ලතින් ඇමරිකානු කළාපයේ රටක් උනත්,
නෙදර්ලන්තයේ දක්ෂතාවය අභිබවන්න ලේසි වෙන එකක් නැහැ...
අද තරඟේ වෙනසක් කළ හැකි ක්‍රීඩකයා වන්නේ,
මෙක්සිකෝවේ දැල් රකින්නා ගලිර්මෝ ඔචෝවා...
ඔහු දැනට ගහපු මැච් 3දීම එක ගෝල් එකක් පමණයි ලබාදුන්නේ...
ඒ වගේම බ්‍රසීලේ එක්ක තිබ්බ තරඟේදී,
අනිවාර්ය ගෝල් විශාල ගාණක් ඔහු නවත්තපු හැටි,
එදා මැච් එක බලපු හැමෝටම මතක ඇති...
ඒ මැච් එකේ හයිලයිට්ස් තියෙනවා මෙතන...
ඒ වගේම ඔචෝවාගේ සේව් රේට් එක 88.9%...
මෙක්සිකෝවට බ්‍රසීලේ එක්ක දක්වපු දක්ෂතාවයන්,
අදත් දක්වන්න පුළුවං උනොත්,
අද මැච් එක නියම මැච් එකක් වෙයි...

මට හිතෙන්නේ,
අද මැච් එක ගෝල් සම තත්ත්වෙන් ඉවර වෙලා,
පෙනල්ටි ශූට් එකකින් විසඳේවි කියලයි...
බොහෝවිට 0-0 හෝ 1-1 වෙයි...
නෙදර්ලන්තේ තරඟය ජයග්‍රහනය කරයි...


අපි බලමු... :-) 

Saturday, June 28, 2014

කොලොම්බියාව ඉදිරියට

Colombia v Uruguay head-to-head
Photo: REUTERS

ප්‍රංශ ලීගයේ තරුවක් වෙන ජේම්ස් රොඩ්‍රිගෝස් ගහපු, පට්ටම ගෝල් දෙකකින් කොලොම්බියාව අර්ධ අවසන් පුර්ව වටේට තේරුනා...

තරඟේ මුල ඉඳන්ම කොලොම්බියාව ඉස්සහින් ඉන්න බවක් තමයි පෙනුනේ...

බලාපොරොත්තු වුන විදියටම සුවාරිස් නැති අඩුව උරුගුවේ කණ්ඩායමට බරපතලව දැනුන බවක් පේන්න තිබුනා...

සුවාරිස් නැතුව තරඟය ගොඩදායි කියලා බලාපොරොත්තු වුන PSG කණ්ඩායමේ කවානි උරුගුවේ වෙනුවෙන් ලොකු තරඟයක් දුන්නත් ගෝල් ලබාගන්න වාසනාවන්ත වුනේ නෑ...

මීලඟට කොලොම්බියාව මුනගැහෙන්නේ බ්‍රසීලය... බ්‍රසීල් මේ වෙනකල් සෙල්ලම් කරන මන්දගාමී ක්‍රීඩා විලාශය සලකද්දී කොලොම්බියාවට බ්‍රසීලය පරාද කරලා අවසන් පුර්ව වටයට යන්න අවශ්ය වෙන්නේ මේ වෙනතෙක් ක්‍රීඩා කරපු තරඟකාරී ක්‍රීඩා විලාශයත් වාසනාවෙන් තව පොඩ්ඩකුත් විතරයි...

බ්‍රසීලේ අවසාන තරඟයට යන සිහිනය බොඳකරන්න කොලොම්බියාවට ඉඩ ලැබෙයිද කියලා අපි බලාගෙන ඉමු...

රොඩිරෝගෝස් තරඟයේ 28 වෙනි මිනිත්තුවේදි ගහපු  ගෝල් එක තරඟාවලියේ මෙතෙක් ගහපු හොදම ගෝල් එක  විදියට ගොඩදෙනක් සලකනවා... ගෝල්ඩන් බූට් එකට යෝජනාවෙලා තියෙන මෙසී, නෙයොමාර්, මුලර් වගේ තරු පහුකරගෙන රොඩිර්ගෝස් දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා... මෙන්න ඒ ගෝල් එක...


බ්‍රසීලය ඉදිරියට

අද පැවැත් වූ බ්‍රසීලය සහ චිලීය අතර තරගය තරග කාලය තුල 1-1ලෙස ගෝල ලබා ගෙන සම වුනු නිසා
පෙනල්ටි ප්‍රහාර තුලින් බ්‍රසීලය ජයග්‍රහනය වාර්තා කලා.මට අනූව නම් බ්‍රසීලය 16 කණ්ඩායම තුලින් ඉදිරියට ගියාට ඉදිරි තරග ලේසි වෙන එකක් නෑ,ප්‍රභල බ්‍රසිල් කන්ඩායමට චිලීයෙන් මෙලෙස තරගයක් දුන්නා නම් ඉදිරි තරග කෙසේ වෙයිද?
බ්‍රසිල් කණ්ඩායමේ දැල් රකින්නා ජූලියෝ සීසර් අද තරගයේ වීරයා ලෙස පත් උනා,ඇත්තටම ඔහු ඔහුගේ වගකීම මනා ලෙස ඉටු කලා කිවුවොත් හරි පෙනලිටි ප්‍රහාර වලක්වාලමින් 3-2 ලෙස බ්‍රසීලයට ජයග්‍රහනයට පාර කැපුවේ ඔහුයි. දැන් බ්‍රසීලයට උරුගුවේ කොලොම්බියා සටනේ ජයග්‍රහකයා සමග ඉදිරි තරගයට මුහුන දෙන්න වේවි.
මේ සිටින්නේ අද තරගයේ වීරයා ජූලියෝ සීසර්

කොළොම්බියා vs උරුගුවේ

ගෲප් C ලීඩර් වෙච්ච කොළොම්බියාව සහ,
ගෲප් D දෙවෙනි වෙච්ච උරුගුවේ අතර මැච් එක තමයි,
අද දෙවෙනියට තියෙන තරඟේ...
මේ තරඟේ ලොකු තරඟකාරීත්වයක් තියෙයි...
අනිත් තරඟේ වගේම මේකෙත්,
රටවල් දෙකම දකුණු ඇමරිකා කලාපේ රටවල්...
සාපේක්ෂව දක්ෂතා අඩු ගෲප් එකකින් තමයි,
කොලොම්බියාව මේ පාර දෙවෙනි වටේට ආවේ...
නමුත් උරුගුවේ පළවෙනි වටේදී,
ඉතා ප්‍රභල රටවල් දෙකක් එක්ක තරඟ ජයග්‍රහණය කරලයි,
දෙවෙනි වටේට සුදුසුකම් ලැබුවේ...
නමුත් පළවෙනි මැච් එකේදිම,
  ප්‍රභල රටක් නොවුනු කොස්ටරීකාවෙන් කෑව,
3-1 පරාදේ ගැනත් අමතක කරලා බැහැ...
ඒ වගේම පිට්ටනියේදී ඉතාලිකාරයෙක්ව කෑව නිසා,
උරුගුවේ පෙරපෙළ ක්‍රීඩක සුවාරිස්ට මේ තරඟේ තහනම්...
ඒකත් උරුගුවේට ලොකු අවාසියක්...
නමුත් තරඟයක් දිනවන්න පුළුවං ක්‍රීඩකයෝ,
උරුගුවේ ටීම් එකේ ඕනේතරං ඉන්නවා...අපි හිතෙන්නේ අද මැච් එක,
ගෝල් 1-0 හෝ 2-0 ලෙස,
උරුගුවේ ජයග්‍රහනය කරයි කියලයි...

මේ වටේ ඉඳලා මැච් ඩ්‍රෝ වෙන්නෑ...
ගෝල් සම අවස්තාවකින් මැච් එකේ කාලය (මිනි 90) ඉවර උනොත්,
තව විනාඩි 15 බැගින් අවස්තා දෙකක් තියෙනවා...
ඒ මිනිත්තු 30දී ගෝල් පරතරය වෙනස් උනොත්,
වැඩි ගෝල් සංඛ්‍යාවක් ගත්ත කණ්ඩායම දිනනවා...
නමුත් එතනදිත් තීරණයක් නැත්තං,
ඊළඟට පෙනල්ටි ශූට් එකකට යනවා...
එක කණ්ඩායමකට අවස්ථා 5ක් තියෙනවා...
වැඩිම ගාණක් පෙනල්ටි ගහපු කණ්ඩායම,
ජයග්‍රාහකයෝ වෙනවා...

අද ඉඳං මැච් බලද්දි,
ඒ විස්තරෙත් දැනගෙන ඉන්න...

අපි බලමු...
කව්ද තරඟාවලියේ ඉඳිරියට යන්නේ...
කව්ද ගෙදර යන්නේ කියලා...
:-)

බ්‍රසීලය vs චිලී

රවුන්ඩ් ඔෆ් සික්ස්ටීන් එහෙම නැත්තං,
දින්නොත් ගොඩ නැත්තං එගොඩ වටේ අද පටං ගන්නවා...
පළවෙනි වටේ වගේම මේකෙත්,
පළවෙනි මැච් එකට එන්නේ සත්කාරක බ්‍රසීලේ...
ඔවුන් එක්ක තරඟ වදින්නේ චිලී...


 ගෲප් A පළවෙනි සහ ගෲප් B දෙවෙනි ස්ථාන,
අතරයි අද මැච් එක තියෙන්නේ...
බ්‍රසීලේ සහ චිලී රටවල් දෙකම,
දකූණු ඇමරිකා කලාපයට අයත් රටවල් නිසා,
කලාපයේ වාසිය විශේෂයක් වෙන්නේ නැහැ...
නමුත් පෙර තරඟ වාර්ථා අරගෙන බැලුවම,
බ්‍රසීලේ චිලීවලට වඩා ගොඩාක් උඩිං ඉන්නේ...
එමනිසා තමන්ගේ රටේ තමන්ගේ කන්ඩිෂන්වලදී,
බ්‍රසීලේ චිලී අභිභවමින් ඉස්සරහට එන්න,
ලොකු අවස්තාවක් තියෙනවා...
චිලී පලවෙනි වටේදී ස්පාඤ්්‍ඤය සහ ඕස්ට්‍රේලියාව,
ගෝල් 2-0 බැගින් පරාද කළත්,
අද තරඟය දිනන්න ඔවුන්ට තියෙන්නේ පොඩි අවස්තාවක්...
මට හිතෙන්නේ,
අද තරඟය ගෝල් 1-0 හෝ 2-1 විදියට ජයගෙන,
බ්‍රසීලේ අර්ධ අවසාන පූර්ව වටයට යාවි කියලයි...