Tuesday, July 1, 2014

01. බෙල්ජියම VS ඇමරිකාව | Belgium VS United States

 
 
පළවෙනි වටේදි තමන් සහභාගී වෙච්ච,
තරඟ 3ම ජයගෙන දෙවෙනි වටේට ආවත්,
බෙල්ජියම කියන්නේ තාම වර්ල්ඩ් කප් එකේදි,
කාගෙවත් වැඩි අවධානයකට ලක්වෙච්ච ටීම් එකක් නෙමෙයි...
නමුත් අද තරඟෙන් පස්සේ ඒ තත්ත්වේ,
බොහෝවිට වෙනස් වෙන්න ඉඩ තියෙනවා...

මේ තරඟාවලිය පුරාම බෙල්ජියම,
දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුවේ නැහැ...
ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආරක්ෂක හැකියාව ඉහළින් තිබුනා...
ඒකට හොඳම උදාහරණේ වෙන්නේ,
පළවෙනි වටේදී ඔවුන්ට විරුද්ධව සලකුණු උනේ,
එක ගෝල් එකක් විතරයි...
ඒ ගෝල් එක ගැහුවෙත් ඇල්ජීරියාවට ලැබුණ දඬුවම් පහරකින්...
ඒ අතින් ගත්තම බෙල්ජියම ඇමරිකාවට වඩා ඉහළින් ඉන්නවා...

ඇමරිකාවේ පැත්තෙන් ගත්තත් එහෙම්මම තමයි...
ඔවුන්ගේත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව සාපේක්ෂව ගොඩක් අඩුයි...
පළවෙනි වටයේ තරඟ 3ටම ඇමරිකාව විසින්,
ගෝල් ගහන්න ට්‍රයි කරලා තියෙන්නේ 72පාරක් විතරයි...
ඒකෙන් 4 පාරක් ඔවුන් සාර්තක උනා...
නමුත් අමතක නොකළ යුතුදේ තමයි,
ඇමරිකාව තරඟ වැදුනේ ජර්මනිය, පෘතුගාලේ සහ ඝානාව වගේ,
ප්‍රභල රටවල් එක්ක කියන කාරණේ...
බෙල්ජියම තරඟ කරපු ඇල්ජීරියාව, රුසියාව සහ ද.කොරියාව,
රටවල් 3ම ඇමරිකාවේ ප්‍රතිවාදීන්ට වඩා සාපේක්ෂව දුර්වල රටවල්...

මේ කොහොම වෙතත් අද දවසේ,
ඇමරිකාවේ වර්ල්ඩ්කප් අනාගතය රැඳිලා තියෙන්නේ,
ඔවුන් ආක්‍රමණශීලී තරඟ රටාවකින් සෙල්ලම් කිරීමෙන් විතරයි...
තමන්ට ඒ හැකියාව තියෙන බව ඇමරිකාව,
තමන්ගේ පළවෙනි වටේ තරඟ 3දී ක්‍රියාවෙන්ම පෙන්නුවා...
අදත් ඔවුන් ඒ විදියටම සෙල්ලං කරන්න පුළුවං වෙයිද...

මට හිතෙන්නේ,
අද ඇමරිකාව ජයග්‍රහණය කරනවා...
ගෝල් 1-0 වගේ රිසල්ට් එකක් එයි...
බොහෝවිට අතිරේක මිනිත්තු 30 තුළදී,
තරඟේ ඉරණම තීරණය වෙන්න ඉඩ තියෙයි...
පෙනල්ටි ශූට් එකකට යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...
එහෙම උනත්, ඇමරිකාව 4-3ක් විදියට දිනනවා...

මේ හැම දේම වෙන්න තියෙන්නේ තව පැය කීපයයි...
අපේ රටේ වෙලාවෙන් රෑ 1.30ට,
මේ තරඟේ පටං ගන්නවා...
හෙට උදේට රිසල්ට් එක එක්ක සෙට් වෙමු... :-)

2 comments:

  1. හුකෑස් .. ඈ බෝල ගොබිලෝ ගැන දන්නේ නැත්නම් මේවා නොලිය හිටපන් ... බෙල්ජියම කියන්නේ ඉතා සමබර කණ්ඩායමක් ... මොවුන්ට අවසන් මහා තරඟයට උනත් පැමිණෙන්නට පුළුවන්.champions league එකේ හොඳම goal keeper උණු Thibaut Courtois(Atletico Madrid) ඉන්නේ බෙල්ජියමේ.තව Lukaku (chelsea) one of a world class striker. midfield එකේ Hazard (chelsea), Januzaj ,Fellaini (manchester united) Dembélé (tottenham) වගේ players la ඉන්නවා. center back widiyata Kompany (he is the best defender in BPL)

    ReplyDelete
    Replies
    1. ලොකු නම් නං තියෙනවා තමයි හැම ටීම් එකේම. නමුත් පර්ෆොම් කරන්නේ නැති එකනේ වැඩේ. ස්පාඤ්ඤේ, පෘතුගාලේ, එංගලන්තේ, ඉතාලියේ එහෙමත් ලොකු ලොකු නම් ගොඩාක් හිටියා. ඒත් කෝ එයාලා... :D :D :D

      Delete