Wednesday, July 23, 2014

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල - 2014

අද උදේ පාන්දරම රාජකාරි පටං ගන්න ගූගල් ගියාම උගෙ ඩූගල් එකේ තිබ්බා අමුතු සීන්ස් එකක්. ඒක මොකක්ද කියලා බලන්න ගියාම තමා දන්නේ අද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල පටං ගන්නවා කියලා. ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ අපෙ බ්‍රිතාන්‍ය මහ රජ්ජුරුවන්ට යටත් වෙලා හිටපු රටවල් ටිකටනේ. ඒත් මං දන්න තරමින් ඇමරිකාව ලොකු සීන්ස් නිසා එන්නෑ ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන ගේ ඇතුලට.
ඒකෙන් වැඩක් නෑනේ. දැන් ඔය පොදු රාජ්‍ය මණ්ඩලේ ක්‍රිඩා උළෙල පටං අරං තියෙන්නේ බොහෝ ඈත කාලෙක. ඒ කිව්වේ ඔය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උලෙල ඉස්සල්ලාම පටං ගත්තේ රටවල් අතර මිත්‍රත්වය ඇති කරන්න කියලා අලවන ලේබලය යටතේ තමා. එය මිතුදමේ තරගාවලියක් විදිහට උනා කියලා තමා ඔය ඒ ගැන දන්න රට්ටු කියන්නේ. පලවෙනි තරගාවලිය පටං අරං තියෙන්නෙ 1930 දි කැනඩාවේ හැමිල්ටන් කියන නගරේ. ඒ තරගාවලියට රටවල් 11කින් තරඟ කරුවන් 400ක් සහභාගි වෙලා තියනවා.ඒතේ තරඟ 6ක් සහ ඉසව් 59ක් තිබිලා තියනවා. 1930 ඉදලා මේ දක්වා හැම අවුරුදු 4කටම වරක් ඔය කියන ක්‍රිඩා තරගාවලිය තිබිලා තියනවා. හැබැයි 1942 අවුරුද්දෙයි 1946 අවුරුද්දෙයි ඔය තරගාවලිය පැවැත්විලා නෑ. මොකද කියනවා නන් ඒ කාලේ ඒ පැත්තේ දෙවනි ලෝක යුද්ධ තිබ්බලුනේ. ඒ නිසා ඒ අවුරුදු දෙක නැතුව අනිත් හැමදාම අවුරුදු 4කට වරක් මේ තරගාවලිය පැවැත්විලා තියනවා.

ඒ කාලේ මේකට කියපු නම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙල නෙමේ.1930 - 1950 කාලේ මේකට කියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තරගාවලිය කියලා. පස්සෙ ඒ නම හොද මදි කියලා  1954 දි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා පොදු රද මඩුලු ක්‍රිඩා වලිය කියලා නම් කරලා ඒ නම 1966 වෙනකං පාවිච්චි කරලා තියනවා. 1970 පැවතුන තරගෙට දීලා තියන නම තමා බ්‍රිතාන්‍ය පොදු රජ්‍ය මණ්ඩල ක්‍රිඩාවලිය. 1974 තරගෙටත් ඒ නමම පාවිච්චි කරලා තියනවා කියලා තමා ඔය තැන් තැන් වල සදහන් වෙලා තියෙන්නේ.1978 ඔන්න ආයෙත් කැනඩාවෙම තමා මේ තරගාවලිය තිබිලා තියෙන්නේ.අන්න ඒ තරගාවලියෙදි තමා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල කියන නම ඉස්සල්ලම භාවිතා කරලා තියෙන්නේ.

ඔය තරගාවලිය ආසියානු කලාපයේ දෙපාරයි පැවැත්විලා තියෙන්නේ. ඒ තමා වසර 1998දී මැලේසියාවේදී සහ වසර 2010 දී ඉන්දියාවේදී. මේවෙද්දි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල ඇතුලේ තරඟ ඉසවු 39ක් විතර තියනවා. 1998 වසරෙදි ක්‍රිකට් ක්‍රීඩාවත් මේකෙ තරග ඉසව්වක් කියලා පිළි අරගෙන තියනවා. ඒත් මට නන් මතක නෑ ලංකාවෙ ටීම් එකක් ක්‍රිකට් ගහන්න ගියා කියලා. මගේ මතකේ අවුලක්ද දන්නෑ ඉතින්. ඒත්  එහෙම ක්‍රිකට් ක්‍රිඩාවත් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙල තියනවා කියලා තමා ඉතින් කියන්නේ.
ඉතින් ඔන්න ඔහොම කතන්දර තියන තරගාවලි ඉතිහාසයක 2014 කතාව අද ඉදලා ඉතිහාසයේ ලියවෙන්න පටං ගන්නවා. ස්කොට්ලන්තෙ නයිජීරියාවත් එක්ක තරග කරලා තමා 2014 තරගාගවලිය ස්කොට්ලන්තෙට දිනා ගත්තේ.ඉතින් ඔය ජයග්‍රහනයත් එක්ක තව පැය 7කින් විතර ස්කොට්ලන්තෙ තියන glasgow කියන නගරේ ඉදං ඉතිහාසෙට අලුත් කතාවක් එකතු කරන්න කස්ටිය බෝම ලක ලෑස්තියෙන් ඉන්නවා කියලා ආරංචි උනේ.
වැඩි විස්තර ඔයාලට පුලුවන්

මෙතනින් ගිහින් බලා ගන්න..
http://www.glasgow2014.com/

ඒ විතරක් නෙමේ. මේ වෙද්දි 2018 දි මේ තරගාවලිය කොහෙත තියෙන්නෙ කියලත් දැන්ම සැලසුම් කරලා ඉවරයි. ඒක තියෙන්නේ ඉතින් Gold Coast කියන නගරේ.

2018 තරගාවලිය ගැන විස්තර තියනවා මෙන්න මෙතන..
http://www.gc2018.com/

එහෙනන් තව පැය කිහිපයකින් ආරම්භ වෙන සැනකෙලියකින් පස්සේ රටවල් 71ක්  සහ 4500ක් විතර තරඟ කරුවන් එක්ක අපිට විඳින්නත් ලෝකෙට අලුත් සටහන් තබන්නත් නව වාර්ථා බිහිවෙන්නත් හේතු වන තරගාවලියක් අපට අත්විදින්නට ලැබේවි.





3 comments:

  1. Glasgow 2014: Sri Lanka cyclists stopped by police on M74

    ඩිලාන්... මේ බලපන්කෝ බං අපේ සයිකල් පුරුදුවෙන හැටි මෝටර්වේ එකේ. අද ඕපනින් සෙරමනි එකෙත් කතාවුනා. නිලධාරින් 50ට ආසන්න ගානක් ආවා ලංකාවේ ඉඳන්. මේ ළමයින්ට කියලා දෙන්න ඕන නේද? මේ ගැන හැමෝම කතා වෙනවා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අරූ අයියේ, ටීම් එක 103,,බාගෙට බාගයක් නිලධාරි...ඔය ගිය එකෙක්ටවත් ඔය ළමයිට කියලා දෙන්න උන් දන්නෙත් නැතුව ඇති

      Delete
  2. ස්තූතියි..... හොය හොයා හිටිය කරැණු ටිකක්...

    ReplyDelete