Tuesday, July 22, 2014

ප්‍රංශ සවාරිය - Tour de France 2014


පාපන්දු උන්මාදයෙන් පස්සෙ අලුත් පෝස්ට් එකකට යන්න හිතුනා,,අපේ ක්‍රීඩා වලට ආසා යාලුවන්ට හදුන්වලා දුන්නු ක්‍රීඩා බ්ලොග් එක නේ මේ,ලෝකෙ ඕනම ක්‍රීඩා උත්සවයක්,ක්‍රීඩා තොරතුරක් බෙදා හදා ගන්න එක තමා අපේ කණ්ඩායමේ අරමුන.
උඩ මාතෘකාව දකින්න ඇති නේ ලෝකෙ බයිසිකල් ධාවක තරග රසිකයන්ට ජූලි කියන්නෙ වැදගත් මාසයක් ඒ ලෝක ප්‍රකට ප්‍රංශ සවාරිය පවත්වන මාසය.ඔන්න මේ වෙනකොටත් තරගයේ අවසන් අදියරයෙ තමා මේ ඉන්නේ.මේ වෙනකොට දින 15 අවසන්,මේ ලිපිය ලියන අද 21 දවස විවේක දිනයක්,තවත් දින 6 ඉතුරු වෙලා තියෙන්නෙ.
පොඩ්ඩක් ඉතිහාසය ගැන කතා කලොත් 1903 දී තමා මේ සවාරියේ ආරම්භය,ලෝක යුද්ධ දෙක පැවති කාලයේ සවාරිය නැවතුනාට අනෙක් සැම වසරකම නොකඩවා මේ තරගාවලිය පැවත් වූවා.මෑත කාලයේ සිදු උනු විශාලතම කලු පැල්ලම තමා නොකඩවා 7 වසරක් තරගය ජයග්‍රහනය කරපු ලෝක ප්‍රසිද්ද ක්‍රීඩක ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් , ඔහු තහනම් උත්තේජක භාවිත කලා කියලා ඔප්පු වෙලා ජයග්‍රහන සියල්ලම ඉවත් කිරීම.ඔහු පිළිකා රෝගියෙක්, රෝගයත් සමගම තරග ජයග්‍රහනය කරපු ක්‍රීඩකයෙක්.තහනම් උත්තේජක සිදු වීමත් සමගම ඔහුගේ කීර්තියට දැඩි හානි උනා.
2014 වසරේ එංගලන්තයේ සිට ආරම්භ උනු තරගයේ දින15 වෙද්දි කහ ජර්සිය හිමි කරන් ඉන්නෙ පහු ගිය වසරේ ඉතාලි සවාරිය ජයගත් වින්චෙන්සෝ නීබලි,නීබලිව වරක් දැකගන්න මට වාසනාව ලැබුනා,,ඒ නීබලි මා ජීවත් වන පලාතෙම වැසියෙක් නිසා.මේ වෙනකොට මුලු ඉතාලියම බලන් ඉන්නෙ පාපන්දුවෙන් බැට කාලා ආපු ඉතාලියට යම් සහනයක් නීබලි අරන් ඒවි කියලා. නීබලි කදු තරනයේ දක්ශයෙක්.කදු නැග්ම 35-40 Kmph අතර වේගයක් ගන්නවා. දින 3 ජයග්‍රහන වාර්තා කලා,ඒ එක්කම අනෙක් සෑම දිනකම මුල් ස්තාන 5 අතරේ ‍රැදී සිටින්න දක්ශ උනා.

                                          මේ ඉන්නෙ නීබලි
නීබලිට දැඩි තරගයක් දෙනවා ස්පාඤ්ඤ ක්‍රීඩකයෙක් වෙන බෙල්මොන්තෙ වල්වේර්දෙ ඔහු මේ වෙද්දි මිනිත්තු 4.30 පසු පසින් ඉන්නේ,බලමු තරගය කොහොම වේවිද කියලා.
මා නිරන්තරයෙන් දකින දෙයක් තමා ප්‍රංශ සවාරිය ජයග්‍රහනය කරන්නෙ,ඊට ඉකුත් වසරේ ඉතාලි සවාරිය හෝ ස්පාඤ්ඤ  සවාරිය ජය ගන්න ක්‍රීඩකයෙක්.ප්‍රංශ සවාරිය,ඉතාලි සවාරිය සහ ස්පාඤ්ඤ සවාරිය තමා ලෝකෙ බයිසිකල් සවාරි වලින් ඉදිරියෙන්ම ඉන්න සවාරි 3,ඒ නිසාමද කොහෙද මම ඉස්සල්ලා කියපු දේට හේතුව ,ඉදිරි ලිපියකින් හමු වෙමු කවුද ජයග්‍රහකයා කියලා දැන ගන්න....

4 comments:

  1. ඩිලාන්.....මෙහෙට ආපුවාම අපේ ගෙවල් පැත්තෙන් ගියේ. අපි බැලුවා. Chris Froome තුවාලවුන නිසා මගේ උනන්දුව අඩු උනා. Thomas Geraint තාම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් සිටි එකේ පැදපු දවසේ හරි ලස්සනට තිබ්බා,,,මේ පාර අත්දැකීම් බහුල අය ගොඩක් අඩුයි අරූ අයියේ,,ඒ උනාට අලුත් කොල්ලෝ සෙට් එකක් හරිම දක්ශයි,,ඉස්සරහට එන කට්ටිය නේ
      මම මුල් දවස් 3 දැක්කා නේ පාර අයිනෙ නෙමේද උන්නේ මූනවත් දකින්න කැමරාව ගියෙ නෑද අහලින්

      Delete
    2. සිටි එකේ නෙමේ ඩිලාන් අපි බැලුවේ Cambridge-Saffron Walden එක.

      Delete
  2. ඕකද දන්නේ හැම අවුරුද්දම අපේ ගෙවල් පැත්තෙනුත් යනවා

    ReplyDelete