Saturday, July 12, 2014

ෆිෆා සහ ජර්මන් වට පිට විත්ති....


මරකානා පිටිය.



මේපාර ෆිෆා අවසාන තරඟය පැවැත්වෙන්නෙ රියෝද ජැනෛරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේදී. පසුගිය 8 වෙනිදා පැවැත්වුන ජර්මනිය සහ බ්‍රසීලය අතර තරඟය 7ට 1ක් ලෙස පරාජය වීමට පෙර බ්‍රසීල පාපන්දු කන්ඩායමේ අපකීර්ථිමත්ම පරාජය විදියට සැලකුවේ 1950 වර්ශයේදී ලක්ෂ දෙකකට අධික ජනකායක් ඉදිරියේ එවකට දක්ෂ කන්ඩායම් ලැයිස්තුවේ පහල කන්ඩායමක් වුන උරුගුවේට 2-1ක් ලෙස පරාජයට පත්වීම. ලක්ෂ දෙකක ජනකායක් ඉදිරියේ උරුගුවේට බ්‍රසීලය අනපේක්ෂිත විදියට පරාජය වුනේ මේ මරකානා ක්‍රීඩාංගනයේදී. ඒ නිසා අවසාන තරඟයට බ්‍රසීලය ආවොත් ඒ අවාසනාවන්ත සලකුනු සහිත මේ මරකානා භූමිය යළිත් බ්‍රසීලයට අවාසිදායක වේ දැයි බ්‍රසීලය බියකින් පසු වුනා. නමුත් ඊට කලිං බ්‍රසීලය මෑත ඉතිහාසයේ හොදි නැතිවෙනම කෑම ජර්මනියෙන් කෑවා. මේ ගැන ටුවිටර් හරහා අදහස් දක්වන ජර්මනියට ලැදි පාපන්දු රසිකයන් කියලා තිබුනේ නාසින් විසින් බ්‍රසීලයට හැඳිගෑවිලා යන්නම දුන්නා කියලා.

මරකානා පිට්ටනිය දකුණු අමරිකාවේ මෙන්ම ලෝකයේම තිබෙන විශාලතම පාපන්දු ක්‍රීඩාංගන වලින් එකක්. මරකානා පිටිය බ්‍රසීලයේ ජාතික සලකුණක් විදියටත් භාවිත  කරනවා. එය විවිධ උත්සවසංගිත සංදර්ශනදේව මෙහෙයන් ක්‍රීඩා උළෙලවල් වල අවසාන සහ මුල් උත්සව පවත්වන්න යොදාගන්නවා. මේ ක්‍රීඩාංගනයේ දැනට නම් ධාරිතාවය 80,000ක වගේ අගයක් ගන්නවා.

මේ තියෙන්නෙ මරකානා වල මේ වාරයේදී තිබුන තරඟ විස්තර. මේ අනුව පෙනී යනවා අවසාන තරඟයට තේරිල ඉන්න ජර්මනිය සහ ආජන්ටිනාව යන රටවල්‍ දෙකම මීට කලින් මරකානා වල මේ ලග දවස්වලම සෙල්ලම් කරලා සාර්ථක ජයග්‍රහන අත්කරගෙන තිබෙනවා කියලා. ක්‍රිකට් වල වාගේ පිටිය තනතීරුව ආදිය පාපන්දු වලට බලපෑමක් නැහැ. නමුත් ක්‍රීඩාංගනය පිහිටලා තිබෙන මුහුදු මට්ටමේ උස පාපන්දු ක්‍රීඩාව කෙරෙහි යම් බලපෑමක් තිබෙනවා කියලා වාර්ථා වෙනවා.

පාපන්දු සහ දේශපාලනය.

පාපන්දු මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා. ටුවිටර් වගේ සමාජ ජාල හරහා නරඹන්නන් හැෂ් ටැග් හරහා තමුන්ගේ අදහස් එකතු කරලා හුවමාරු කරගන්නවා. ඒ අතර ජනප්‍රිය තරුද වෙනවා. බ්‍රසීලය ජර්මනිය හමුවේ පරාජය වුනු කුජීත විදිය දැකපු සුපිරි බ්‍රසිල් ක්‍රීඩක රොනල්ඩෝ ටුයිටර් එක හරහා කියලා තිබුනා ක්‍රීඩකයින් ස්ථානගත කිරීමේ ලොකු වැරදි තිබුනා කියලා මැච් එකේදි. බ්‍රසීලයේ පුහුනුකරුත් තමුන්ගේ වරද පිළිඅරගෙන තිබුනා.
මේ දිනවල ඝාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම්කාරී වාතාවරණයක් තිබෙනවා. විශාල පුළුල් තිරයක එළිමහනේ පාපන්දු තරඟ නරඹමින් හිටපු පලස්තීන ජාතිකයින් කිහිප දෙනෙක් අවාසනාවන්ත ිවිදියට ඊශ්‍රායල් ‍රොකට් ප්‍රහාර වලට ලක්වෙලා මියගිහින් තිබුනා.
බ්‍රසීලය කියන්නෙ පාපන්දු වලට බොහොම ජනප්‍රිය රටක්. ඒ නිසා බ්‍රසීලයේ පරාජය බ්‍රසීල ජනතාවන්ට දැඩි සිත් වේදනා ගෙනාපු දෙයක් වෙන්නට ඇති.

ජර්මනිය.


ජර්මනිය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරම්භක සාමාජිකයෙක්. මුල්ම අන්තර්ජාතික පාපන්දු තරඟය පැවත්වි තිබෙන්නෙත් ජර්මනිය සහ ස්විස් අතර. ඒ තර‍ඟෙනුත් ජර්මනිය ජයග්‍රහනය කරලා තිබෙනවා. මුල්1900 ගනන් වල මුල් කාලයේදී ජර්මනියෙ පාපන්දු ජනප්‍රිය තත්වෙට ආවත් පසුකාලිනව යුදෙව්වන්ට කල කෙනෙහිලිකම් ආදියත් නාසිවාදයත් නිසා 1930-1945 අතර කාලයේදී ජර්මන් පාපන්දු ගොඩක් පහලට වැටුනා. දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ බටහිර සහ නැගෙනහිර ජර්මනිය ලෙස ජර්මනිය දෙකඩ වුනායින් පස්සෙ පාපන්දු කන්ඩායමත් ටීම් දෙකක් වුනා. 1990 දි ආයෙත් නැගෙනහිර බටහිර එකතුවෙලා ජර්මන් ටිම් එකක් විදියට හැදුනා.
අන්තර්ජාතික පාපන්දු ශූරතා අවසාන තරඟ දිහා බලනකොට අවසාන ටිම් හතරට ජර්මනිය ආපු නැති අවුරුදු තියෙන්නෙ බොහාම අඩු ගානක්. 1954,1974,1990 යන වර්ශවලදී ශූරතාවය දිනාගන්න ජර්මනිය සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 1966,1982,1986,2002 යන වර්ශවලදි අනුශූරතාවය දිනාගෙන තියෙන්නෙත් ජර්මනිය. 1970 දි සහ අදට වඩාත් ආසන්නයේ පැවති ලෝක කුසළාන තරඟාවලි දෙක වන 2006 සහ 2010 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙදි  ජර්මනිය තුන් වෙනි තැන රැකගන්න සමත් වෙලා තිබෙනවා.
ක්ලෝස 2006දී සහ 2014දී
පසුගිය බ්‍රසීල තරඟයේදී මිරස්ලොව් ක්ලෝස කියන ජර්මන් ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලියකදි ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව වාර්ථා කලා.ක්ලෝස තමයි ජර්මනිය වෙනුවෙන් වැඩිම ගෝල සංඛයාවක් අරගෙන තිබෙන ක්‍රීඩකයා..ක්ලෝසගේ මව පෝලන්තය නියෝජනය කරපු හෑන්ඩ්බෝල් ක්‍රීඩිකාවක් ජෝසෆ් ක්ලෝස නම් වූ පියා පෝලන්තයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වුනාලු 1970 ගනන් වල. ඇත්තටම මේ පවුල ජර්මනියට ඇවිත් තියෙන්නෙ 1978 දි මාසෙලෝ ඉපදිලා අවුරුදු අටකට පස්සෙ. මිරස්ලෝව් ක්ලෝසයි තාත්තයි ජර්මනියට එනකොට ජර්මන් වචන දෙකයිලු දැනගෙන උන්නෙ. තාමත් ක්ලෝස  පවුලෙ අය කතාකරන්නෙ පෝලන්ත බසින්ලු..
ආජන්ටිනාවට වඩා ලෝක කුසලාන තරඟයේ දිනුම ලැබෙන්න හැකියාව තියෙන්නෙ ජර්මනියට කියලා තමයි මම හිතන්නෙ. ජර්මනිය වඩාත් වේගවත්ව දක්ෂ ලෙස මේ තරඟාවලිය පුරාම සෙල්ලම් කලා. මගේ විශ්වාසය ජර්මනිය 2-0 වගේ අගයකින් තරඟය ජයග්‍රහනය කරාවි...
අද සටහන - අමිල චතුරංග 

6 comments:

  1. නෑ ආජන්ටිනාව දිනනවමයි :D

    ReplyDelete
  2. ආජන්ටිනාව දිනපුවාදෙංකො.. මම ඒ රටට ආසයි..

    ReplyDelete
    Replies
    1. ආර්ජන්ටිනාව ඔය හිතන තරම් සුන්දර රටක් නෙමෙයි.... මහ ඔලුව ඉදිමිච්ච උද්දච්ච මිනිස්සු ටිකක් ඉන්න රටක්...

      Delete
  3. ලංකාවේ ගොඩේ බයියෝ ගොඩ දෙනෙක් දන්නේ බ්‍රසීලෙයි ආජන්ටිනාවයි විතරයි...
    පොඩ්ඩක් කොන්ඩේ වවා ගත්ත ඩයල් එකක් හිටියොත් ඒක තම අපේ අයියලාට රට...
    ජර්මන් උන්ගේ well disciplined well structured foot ball ගැන අපේ උන්ට මෙලෝ තේරුමක් නෑ..

    ReplyDelete
  4. කෝ බං දාන කමෙන්ට්ස්... මොන ලබ්බටකටද බ්ලොග් එකක් කරන්නේ කමෙන්ට් පබ්ලිශ් කරන්න බැරි නම්...

    ReplyDelete
  5. Germanya,awasan tharangaya jayagannawa kiyala wiswakaranaw.owunge kandayame semakreedakayekutama wikalpa kreedakayek innawa.owun super starsla matha yepennene.(Ranjan-Germany)

    ReplyDelete