Saturday, July 26, 2014

2014 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයේ පලමු පදක්කම



පොදු රාජ්යමණ්ඩලීය ක්‍රීඩා තරග මේ වෙද්දි පටන් අරගෙන දවස් කීපයක්,,103 වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු පදක්කම වාර්තා උනා බර ඉසිලීමේ තරග වලින්.වෙනම 44 වන නිලධාරීන් කන්ඩායමක්,, ස්කොට්ලන්තය බලන්න යන චාන්ස් එක නේ,,
අපේ රටට මුල්ම පද්දක්කම ගෙනාවේ සුදේශ් පීරිස්, 62kg බර පන්තියේ රිදී පදක්කම 276kg බරක් ඔසවලා තමා මේ පදක්කම හිමිකර ගත්තේ ,ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නෙත් සුදේශ්,ඒ එක්කම 2010 නවදිල්ලි පොදු රාජ්ය මන්ඩල තරගාවලියේ මේ අංශෙන්ම ලෝකඩ පදක්කම හිමිකර ගත්තා,
සඳලංකාවේ ඉපැදුණු සුදේශ් පීරිස් 29 වැනි වියෙහි පසු වෙනවා. මීගමුව සාන්ත මේරි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2004 සිට 2009 දක්වා සේවය කලා. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සොහොයුරා වන්නේ සුදේශ්. ඔහුට සහෝදරයෙක් හා සහෝදරියක් සිටී. 2004 වසරේ සිට පිට පිට වසර 5ක් බර ඉසිලීමේ ජාතික සූරතාව දිනා ගත් ඔහු 2006 වසරේදී කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් දකුණු ආසියාවේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
මෙවර අපේ කණ්ඩායමේ නායකත්වය ලබලා ආරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන කණ්ඩායමේ පෙරටුව ගමන් ගත්තෙත් සුදේශ්.කණ්ඩායමටම ආදර්ශයක් වෙලා පලමු පදක්කම හිමි කර ගත්තා

 අපේ ස්පෝර්ට් අඩවියේ අපව නිරන්තරයෙන් දිරි ගන්වන අරූ අයියා විසින් මෙමෙ ක්ලිප් එක අපට ලබා දුන්නා.සුදේශ් 2010 ලබා ගත් ජයග්‍රහනය

4 comments:

  1. අඩෝ ඩිලාන්.....මගේ ගාව තියෙනවා 2012 ඔලිම්පික්ස් සියළුම මුද්‍රිත මාධ්‍ය සටහන්. ඒ මම ඉන්න රටේ ජාතික පුවත්පත් සියල්ලක්ම. සහතිකෙන්ම සියල්ලම.. ඒ වගේම කොමන්වෙල්ත් ගේම්ස් වලත් එංගලන්ත පුවත්පත්....උඹට අවශ්‍ය නම් මම ඒ දේවල් එවන්නම්. උඹ වගේම සුදීකත් මේ වෙනුවෙන් දක්වන මහන්සිය අපූරුයි. මම පත්තරයක් කියවනවා තරම් රසයක් විඳින්නේ නැහැ..සයිබරයෙන්. පත්තරය රස සාගරයක්!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ ඔයාගෙ ඊමේල් ඇඩ් එක දුන්නොත් ලොකු දෙයක්...අපි ගොඩක් කැමතී මේ තොරතුරු ලබා ගන්න ඔයාගෙන්,,ගොඩක් ස්තූතී

      Delete
    2. papara123@yahoo.co.uk

      Delete
  2. ගොඩක් ස්තූතී අරූ අයියේ ක්ලිප් එකට මම හොය හොයා උන්නෙ,,ඒ එක්කම අරූ අයියේ මේ ස්පෝර්ට් අඩවිය අපි කණ්ඩායමක් එකතු වෙලා කරන්නෙ කට්ටියම කාර්යබහුලයි,,ක්‍රීඩාවට ආසා නිසාමයි මේක ඇදන් යන්න හිතුවේ..
    අරූ අයියේ සුදේශ්ටත් ඔය කාලකණ්නි නොයෙක් නොයෙක් දේ දෙයි,,පස්සේ හලල දාවි.බර උස්සපු චින්තන විදානගේ,බොක්සින්ග් ගහපු මංජු වන්නිආරච්චි,එතකොට ඔලිම්පික් ගිහින් බොක්සින්ග් අනුරුද්ධ,,තව නම් ගොඩක් තියනවා,,මේ කොල්ලන්ගේ ක්‍රීඩාව ඉස්සරහට ගන්න එකෙක් උනන්දු උනේ නෑ..

    ReplyDelete