Tuesday, July 1, 2014

ආර්ජන්ටිනාව vs ස්විස්ටර්ලන්තය | Argentina vs Switzerland


Argentina vs Switzerland World Cup 2014 Wallpaper Wallpaper
පිංතුරය මෙතනින්

දාසය දෙනාගේ වටේ හැමෝම උනන්දුවෙන් බලාගෙන ඉන්න තරඟයක් තව පැය කිහිපයකින් වල ආරම්බ වෙනවා... තරඟය පැවැත්වෙන්නේ ආර්ජන්ටිනාව සහ ස්විස්ටර්ලන්තය අතර...

අර්ධ අවසන් පූර්ව වටයට තේරුණා වුනත් තරඟාවලිය පුරාවට ස්විස්ටර්ලන්තය මෙතෙක් දක්වපු දස්කම් ඒකාකාරිව තිබුණේ නෑ...  ඉක්වදෝරය සමඟ පළවෙනි තරඟය 2-1 ලෙස ජයගත්තත්,  ප්‍රංශය සමඟ 2-5 ක් ලෙස අමිහිරි පරාජයක් ලැබුවා... ඉන් පස්සේ හොන්ඩුරස් සමඟ අවසන් තරඟය ආයෙත් 3-0 විදියට විශිෂ්ඨ ලෙස ජයගත්තා...මේ  තරගයෙදී හැට්‍රික් එකක් දාපු ස්විස් ක්‍රීඩක Xherdan Shaqiri ගැන මෙවරත්  ක්‍රිඩා ලෝලින් ලොකු බලාපොරොත්තු තියාගෙන ඇති... මම පුද්ගලිකව දකින්නේ ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගැන බොහෝදෙනෙක්ට ඇත්තේ අධි තක්සේරුවක් කියන එකයි... හරියට ඇටෑක් කරන කණ්ඩායමකට ඔවුන්ට මුහුණ දෙන්න ඇහි නොහැකියාව ප්‍රංශ තරඟයෙදි අපි හොඳින් දැක්කා... ආර්ජන්ටිනාවේ ඩි මරියා වගේ ක්‍රීඩකයෝ මේ වගේ කණ්ඩායම් අහුවෙනකල් බලාගෙන ඉන්නේ බැස්ටිය දෙන්න... අද තරඟය බලන්න වටින තරඟ වලින් එකක් වෙන්නේ මේ හින්දයි..

බ්‍රසීලය ඇරුනම වර්ල්ඩ් කප් බර දැනටමත් උස්සාගෙන මේ තරඟාවලියේ ක්‍රිඩා කරන අනිත් රට ආර්ජන්ටිනාව... ජනප්‍රිය පාපන්දු තරු ගොන්නක් හිටියත් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ලෝකේ හොඳම පාපන්දු ක්‍රීඩකයා විදියට වැඩි දෙනෙක් සලකන ලයනල් මෙසී මේ තරඟයත් දිනවාවි කියලා... දැනට ක්‍රීඩා කල තරඟ තුනම දිනලා තිබුණා වුනත් ආර්ජන්ටිනාවේ තාමත් බල්ටි වලට වඩා විසිල් තමයි පෙනුනේ... මේ තරඟයට එද්දී ඔවුන්ට ඇති ලොකුම පිඩනය වෙනවා ඇත්තේ කලින් තරගය 3-2ක් විදියට දින්නත් නයිජීරියාවට ගෝල දෙකක් ලබාගන්න  හැකියාවක් ලබුණ එක... කොච්චර ඇටෑකින් ලයින් අප් එකක් තිබ්බත් තමන්ගේ ඩිෆෙන්ස් එක දුර්වලයි කියලා ඔවුන් දැන් දන්නවා... ස්විස්ටර්ලන්තේට මොකක් හරි පරණ කරුමෙකට අද දිනාගන්න ලැබුනොත් ඒ අනිවාර්යෙන්ම මේ දුර්වලතාවය ප්‍රයෝජනයට අරගෙන තමයි... 

අපි තරඟය බලලම කතා කරමු... මෙසී ට තමන්ව විවේචනය කරන පුට්බෝල් ඔස්තාද්ලාගේ කට වහන්න අදවත් පුළුවන් වෙයිද අපි බලමු... 

මේ තරඟයේ මගේ අනාවැකිය 3-1 විදියට ආර්ජන්ටිනා ජයක්... 

6 comments:

  1. මම හිතන්නේ 2-0 ආජන්ටිනා ජයක්...

    ReplyDelete
  2. යන විදියට දෙකක් ගහගන්නත් බැරිවෙයි වගේ..බලමුකෝ :)

    ReplyDelete
  3. මේ තනතීරුවෙ ගෝල ලබාගන්න අමාරු ඇති.

    ReplyDelete
  4. තාම නං 0-0යි.. බලමු මොකද වෙන්නෙ කියල .. :)

    ReplyDelete
  5. "ස්විස්ටර්ලන්තය" කියලා රටක් මේ ලෝකයේ නැහැ.

    ස්විට්සර්ලන්තය කියලා නම් රටක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ... නිවැරදිකිරීම පැහැදිලි වෙන්නත් එක්ක වැරැද්ද එහෙමම තියෙන්න අරිනවා...

      Delete